පුවත්

Mar292021
නගරාධිපති සම්මේලනය 2021

6 වන වරට සංවිධානය කරනලද සමස්ත ලංකා මහා නගරාධිපති සම්මේලනය 27/03/2021 දින අනුරාධපුර forest Rock Garden හෝටලයේ දී පවත්වන ලදී....

Mar102021
අනුරාධපුර මහා නගර සභාව මගින් පැවැත්වූ සුවනාරි සායනික සේවාව..

2021.03.10 වන අද දින කාන්තා දිනය නිමිතිකොට ගෙන අනුරාධපුර මහා නගර සභාව මගින් සුවනාරි සායනික වැඩසටහනක් පවත්වන ලදි..

Feb082021
මහා නගර සභා සේවක බෞද්ධ සංගමය සංවිධානය කළ සඳහිරු මහා සෑය ශ්‍රමදාන වැඩසටහන

2021.02.04 වන දින අප මාතෘභූමියේ නිදහස් දිනය වෙනුවෙන් අනුරාධපුර මහා නගර සභා සේවක බෞද්ධ සංගමය විසින් සඳහිරු මහා සෑයේ ශ්‍රමදානයක් සිදුකරන ලදි..

Jan012021
නිරෝගිමත් සුභ නව වසරක් වේවා 2021

අනුරාධපුර මහා නගර සභාවෙන් නාගරික ජනතාවට සහ ලෝක වාසි සියලුම දෙනාට නිරෝගිමත් සුබ නව වසරක් වේවා.....

Dec152020
2021 සාර්ථක අය වැයක් අනුරාධපුර මහා නගර සභාවෙන්

අනුරාධපුර මහා නගර සභා 2021 අය වැය වැඩි ජන්දයෙන් සම්මත විය.

Dec022020
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ තාවකාලිකව නවතා තිබු පාඨමාලා නැවත ආරම්භය

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ Covid - 19 නිසා තාවකාලිකව නවතා තිබු සිද්ධාන්ත පන්ති හා ප්‍රායෝගික පන්ති ආරම්භය 2020.12.07 දින සිට. දුරකතන අංක - 025 2222275 / 025 3021013

Nov242020
2021 වර්ෂයේ කෙටුම්පත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම 2020 දෙසැම්බර් මස 08 වන දින ඉදිරිපත් කෙරේ.

2021 වර්ෂයේ කෙටුම්පත් අයවැය ලේඛනය මහා නගරසභා ආඥාපනතේ (252 අධිකාරිය) 212(ආ) වගන්තිය ප්‍රකාර 2020/11/20 දින ලංකාදීප හා Daily Mirror පුවත්පතේ පළකරන ලද දැන්වීම අනුව 2021 වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද ආදායම් හා වියදම් විස්තර ඇතුළත් කෙටුම්පත් අයවැය ලේඛනය 2020 නොවැම්බර් මස 26 වන දින ඉදිරිපත් නොකරන බවත්, එය 2020 දෙසැම්බර් මස 08 වන දින ඉදිරිපත් කරන බවත් දැනුම් දෙමි. එච්.පී. සෝමදාස නගරාධිපති, මහා නගර සභාව, අනුරාධපුර.

Nov162020
2021 වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

අනුරාධපුර මහා නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන ප්‍රභාවි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට සිසුන් ඇතුලත් කර ගැනීම 2021...

Nov162020
2021.11.21 උදෑසන 7.30 ට ඔබත් එක්වන්න.

හරිත නගරයක් - තුරු සිය දහසක් රුක් රෝපන හා පවිත්‍රතා ශ්‍රමදානය..

Oct312020
අනුරාධපුර නගරය විෂබීජහරණයට

කොරෝනා රෝගියා ආගිය තැන් සොයා අනුරාධපුර නගරයේ ප්‍රධාන ස්ථාන, වෙළෙඳ සැල් හා පූජා භූමි විෂබීජහරණය සිදුකරන ලදි..

Oct312020
අනුරාධපුර නගරයේ ප්‍රධාන ස්ථාන PCR පරීක්ෂණට...

අනුරාධපුර නගරයේ මහජනතාව ගැවසෙන ස්ථානවලට ගොස් කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලදි.පැරණි බස්නැවතුම, ත්‍රීරෝධ රථ රියදුරන්ගේ පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගන්නා ලදි.

Oct092020
හේමසිරි හෙට්ටිආරච්චි මහතාට අනුරාධපුර මහා නගර සභාවෙන් පිදූ උපහාරය....

දෙරණ 60 plus තරඟාවලියේ හැත්තෑදහසක්ට අධික තරඟකරුවන් අතරින් ජනප්‍රියම ගායක තරුව වූ හේමසිරි හේටිටිආරච්චි මහතාට, ගරු නගරාධිපති තුමා, නාගරික මන්ත්‍රී මණ්ඩලය, නාගරික කොමසාරිස්තුමන් ඇතුළු අනුරාධපුර මහා නගර සභාවේ උපහාරය පිදූ අවස්ථාව..

Sep212020
අනුරාධපුර මහා නගර සභාවේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ පුහුණු වැඩමුළුව.

අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති එච්.පී සෝමදාස මැතිතුමන් , නාගරික මන්ත්‍රීමණ්ඩලය හා නාගරික කොමසාරිස්තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරී සම්භන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2020/09/ 19 හා 20 යන දිනවලදි පවත්වන ලදි.

Sep152020
මතක බණ පුන්‍යාභිවන්දනා... පිං පැමිණවීමේ උත්සවය

අනුරාධපුර මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලැබු මතක බණ පුන්‍යාභිවන්දනා වැඩසටහන 2020.09.12 වන දින නිසල නිම්න පොදු සුසාන භූමියේදී පවත්වන ලදි...

Sep112020
මතක බණ පුණ්‍යාභිවන්දනා ..... මියගිය ඥාතීන්ට පිං පැමිණවීමේ උත්සවය

අනුරාධපුර මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන මතක බණ පුණ්‍යාභිවන්දනා වැඩසටහන 2020.09.12 වන නිසල නිම්න පොදු සුසාන භූමියේදී පැවැත්වේ.....

Jun292020
covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු පරිගණක පාඨමාලා නැවත ආරම්භය

අනුරාධපුර මහා නගර සභා නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු පරිගණක පුහුණු පාඨමාලා සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම 2020.07.01 සිදු කෙරේ.

May212020
ජනසෙත අලෙවි පොල ජනතා අයිතියට

පදික වෙළදුන් විදිමත් කිරීමේ වැඩ සටහන යටතේ, පාරිභොගික ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා දිගු කලක සිට පැවති අවශ්‍යතාවයක් සපුරාලනු වස්, ගරු නගරාධිපති එච්.පී සෝමදාස මැතිදුන්ගේ සංකල්පයක් මත රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය කර ඉදිකරන ලද ජනසෙත අලෙවි පොල ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිඳුන්ගේ සුරතින් හා ගරු නාගරික මන්ත්‍රී මඩුල්ලේ සහභාගිත්වයෙන්, 2020 මැයි මස 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදි.

May192020
කොම්පෝස්ට් කසල අංගනයෙන් පහසු මිළට පොහොර.

අනුරාධපුර මහා නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන කීරික්කුලම කොම්පෝස්ට් අංගනය, ගරු නගරාධිපති තුමන් ප්‍රමුඛ නාගරික මන්ත්‍රී මණ්ඩලයද, නාගරික කොමසාරිස්තුමන් ප්‍රමඛ නිලධාරී මණ්ඩලය, නාගරික සෞඛ්‍ය වෛද්‍යතුමන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේ සහභාගීත්වයෙන් 2020.05.15 දින නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, මහජනතාවට ඉතා පහසු මිළ ගණන් යටතේ පොහොර ලබා ගැනීමට අනුරාධපුර මහා නගර සභාවේ කොම්පෝස්ට් පොහොර අලෙවි හලෙන් 10kg පොහොර බෑගයක් රු.100/- කට ද 25 kg බෑගයක් රු.250/- ට ද, 50 kg බෑගයක් රු.500/- කට වැනි ඉතාම අඩු මිළකට ලබාගත හැකිය. 50 kg කට වඩා වැඩියෙන් මිළදී ගන්නේ නම් 1kg ක් රුපියල් 8.00 බැගින් ලබා ගත හැක.

May132020
කඩ 12 වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට.

නගරවාසීන්ගේ ලබාගන්නා බදු මුදල්වලින් ඔවුන්ගේම දෛනික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා රු.30,359,508.94 ක ඇස්තමේන්තු ගත මුදලකින් 2019.06.21 වන දින සිට 2020.05.11 වන දින කාල සීමාවකදී ඉඳිවුනු කඩ 12 පොදු වෙළෙඳ සංකීර්ණය 2020.05.20 වන දින ගරු නගරාධිපති එච්.පී.සෝමදාස මැතිදුන්ගේ ආරාධනයෙන් , ගරු නාගරික මන්ත්‍රී මඩුල්ලේ සහභාගිත්වයෙන්, ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිඳුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.

Apr242020
Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හා එය වලක්වා ගැනීම පිළිබඳ ඉදිරි සැලසුම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම

අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමාගේ හා නාගරික කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් 2020.04.23 වන දින covid 19 වෛරසයේ ව්‍යාප්තිය හා එය වලක්වා ගැනීම පිළිබඳ ඉදිරි සැලසුම් හා ප්‍රගිති සමාලෝචන අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපති කාර්යාලයේදී පැවැත් වුණි. ඒ සඳහා, • අනුරාධපුර පොලිසීය • පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක • ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී හා අනෙකුත් වෛද්‍ය නිලධාරීන් • ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යන නිලධාරීන් සහභාගී වූ අතර, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනුරාධපුර මහා නගර සභාව අනෙකුත් සියලු අංශ හා එක්ව මෙම ව්‍යසනකාරී තත්වයට විසදුම් වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හා වැඩසටහන් පිළිබඳවත් අනුරාධපුර නගරයේ ජීවත් වන ජනතාවගේ ඉදිරි සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහන් කෙබඳු ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරමින් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට චාකච්ඡා කරන ලදී. තවද මෙහිදී අනුරාධපුර පොලිසියට හා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ ප්‍රදානය කිරීම අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති තුමා අතින් සිදුවිය.

Apr212020
චීන ආධාර යටතේ සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ හා අත්වැසුම් බෙදා දීම.....

චීනයේ ලිංෆන් මහා නගර සභාව විසින් පවතින මිත්‍රශීලි සම්බන්ධතාවය මත සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ 30,000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂිත අත්වැසුම් 3900 ක් පරිත්‍යාගයන් වශයෙන් අනුරාධපුර මහා නගර සභාව වෙත ප්‍රදානය කරන ලදි. අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති තුමාගේ හා නාගරික කොමසාරිස් තුමාගේ උපදෙස් පරිදි එම අත්වැසුම් සහ මුඛ ආවරණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අත්‍යාවශ්‍ය රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ට සහ ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් බෙදා දීමට කටයුතු කරන ලදි..

Apr202020
මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ...

රටෙහි පවතින කොවිඩ් 19 වසංගත තත්වය සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අනුරාධපුර මහා නගර සභාව වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් සෞඛ්‍ය ආරක්ෂිත විෂබීජ හරණ කුටි ඇතුල්විමේ දොරටු අසල සවිකර ඇත.

Apr192020
අනුරාධපුර මහා නගර සභා කටයුතු හෙට දින සිට ...

කොවිඩ් 19 වසංගත රෝගය හේතුවෙන් 2020.03.16 වන දින සිට අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කල අතර හෙට දින සිට එනම් 2020.04.20 වන දින සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරනු ලැබු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යටතේ අනුරාධපුර මහා නගර සභාවේ රාජකාරි වැඩ කටයුතු මහජනතාව වෙනුවෙන් ආරම්භ කරන බව සතුටින් දැනුම් දෙන්නෙමු. තවද ඔබගේ සහ අපගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් ඔබට හැකි සෑම විටකම අන්තජාලය ඔස්සේ මහා නගර සභාවේ සේවාවන් ලබා ගැනීමට කාරුණික වන්න

Apr192020
සෞභාග්‍යා පුදබිමේ ගෙවත්ත

අනුරාධපුර මහා නගර සභාවේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනු සෞභාග්‍යා පුදබිමේ ගෙවත්ත වැඩසටහන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේදී සිදු කරන ලදී...

Apr162020
අනුරාධපුර මහා නගර සභාවේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම.

අනුරාධපුර මහා නගර සභාවේ මහජනතාව වෙත නගර සභාව් සේවාවන් වඩාත් සමීප කිරීම උදෙසා 2020.04.11 දින නගර සභා නිල වෙබ් අඩවිය එළි දක්වන ලදි. මෙය නගරවාසීන් ගෙන් ලබාගන්නා ලබා ගන්නා බදු මුදලින් ඔවුන්ගේ සේවා පහසුව වෙනුවෙන් සිදු කරන ලද සද්කාර්යයකි. ඉදිරියේදි ඔබ සැමට ලබා ගත හැකි සේවාවන් කිහිපයක්... 01) මෙම වෙබ් අඩවිය මගින් මහා නගර සභාව වෙත සෘජුවම පැමිණිලි යෝජනා ඉදිරිපත් කිරීමට හැකි ය. 02) මහා නගර සභාව මගින් ලබාදෙන සියලු සේවාවන්, ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිය. 03) මහා නගර සභාව මගින් ලබාදෙන සියලු සේවාවට අදාල අයදුම්පත්‍ර බාගත කිරීමට හා ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිය. 04) ලබා දෙන සේවාවන් පිළිබඳව ගාස්තූ අන්තර්ජාලය මගින් ගෙවීමේ හැකියාව. 05) නගර සභා සංචාරක නිවාසය හා සුනාථ විශ්‍රාම ශාලාව වෙන් කිරීම හා ඔන්ලයින් ගාස්තු ගෙවීම. Web link - http://www.mcanuradhapura.lk/

Jan062020
පුරවරයේ දුවා දරුවන් හට නොමිලයේ පාසල් පොත් කට්ටල බෙදාදීම

2020 අධ්‍යයන වර්ෂය සඳහා පුරවරයේ දුවා දරුවන් හට, නගර සභා අරමුදලින් ගරු නගරාධිපතිතුමන් ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ උදාරතර සංකල්පයකට අනුව පාසල් සිසුන් සඳහා නොමිලේ පාසල් පොත් කට්ටල බෙදාදීම.

Jan042020
නවක සිසුන් බඳවාගැනීම හා පාඨමාලාව අවසන් කල සිසුන් සඳහා සහතිකපත් ප්‍රධානය

අනුරාධපුර මහා නගර සභාවේ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේන් නොමිලේ පරිගණක පුහුණුව ලැබීම සඳහා පරිගණක ශිෂ්‍යත්ව 350ක් ලබා දීම හා පරිගණක පාඨමාලා හදාරා අවසන් කල සිසුන් සඳහා සහතිකපත්‍ර ප්‍රධානය 2020 ජනවාරි 04 දින නගර සභා පරිශ්‍රයේදී සිදුකරන ලදි.

Jan042020
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

අනුරාධපුර මහා නගර සභාවේ, ප්‍රතිසංස්කණය කොට වැඩි දියුණු කරන ලද නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2020 ජනවාරි 04 වන දින පෙ.ව 10:00ට යෙදුන සුභ මොහොතින් ගරු නගරාධිපති එච්.පී සෝමදාස මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදි.

Nov282019
"""city club""" නාගරික ක්‍රීඩා සමාජ ශාලාව විවෘත වු වගයි.

අනුරාධපුර නාගරික ජනතාවගේ සුව පහසුව වෙනුවෙන් අනුරාධපුර මහනගර සභාව මගින් ඉදිකළ """city club""" නාගරික ක්‍රීඩා සමාජ ශාලාව 2019.11.28 දින විවෘත කළ අවස්ථාව..

Copyright © 2020 Municipal Council Anuradhapura
Design, Develop by Univosoft Solutions